Skip to main content

Posts

Showing posts from November, 2020

sinhala keyboard lessons padama 1 කීබෝඩ් වාදන පිවිසුම පලමු කොටස

  ස්වර පුවරුව පහත දැක්වෙන්නේ යතුරු හැට එකකින් යුතු ස්වර පුවරුවක රූප සටහනකි. ස්වර පුවරුවක් මත යතුරු වර්ග දෙකක් දැකිය හැක. 1.      සුදු පැහති යතුරු ( White keys). 2.      කළු පැහැති යතුරු ( Black keys). සුදු පැහැති යතුරු මගින් බොහෝ විට වාදනය කරනු ලබන්නේ ප්‍රකෘති තත්වයෙහි පවතින මූලික ස්වර ( notes) සතයි ( “ බෙහෝ විට ” යනුවෙන් සඳහන් කලේ ඇතැම් අවස්තා වලදී මෙය වෙනස් වන බැවිනි). මෙම ප්‍රකෘති ස්වර හත ABCDEFG යන ඉංග්‍රීසි හෝඩියෝ මුල් අකුරු හත මගින් සංකේතවත් කරයි. නමුත් බටහිර සංගීතයේදී C ස්වරයට යම් වැදගත් කමක් ලැබෙන බැවින් මෙම අනුපිළිවෙල බොහෝ විට ලියා දක්වන්නේ පහත ආකාරයටය. C D E F G A B ඉහත ප්‍රකෘති ස්වර හත ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ නැචුරල් නෝට්ස් ( natural notes) යන නමිනි. කළු පැහැති යතුරු මගින් sharp (#) සහ flat (b) යන වර්ග වලට අයත් ස්වර වාදනය කරයි. මෙම sharp – flat ස්වර ඇතිවන්නේ ප්‍රකෘති ස්වර වල සංඛ්‍යාතයන් වැඩි හෝ අඩු වීමෙනි. ස්වර හඳුනාගැනීම ස්වර පුවරුවක් මත යතුරු කොපමන සංඛ්‍යාවක් තිබුනද ඒ මත ඇති ස්වර වෙන්කර හඳුනාගැනීම ඉතා ප...