Skip to main content

codes යනු මොනවාද ? what are the codes

 මොකද්ද කෝඩ්(chord) එකක් කියල කියන්නේ?


සංගීතයේ තියෙන්නෙ ස්වර දොළහයි නේ.මේ ස්වර වලින් ස්වර තුනක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගනිමින් සංගීත භාණ්ඩයක් ඇසුරින් එකවර වාදනය කරන ස්වර කිහිපයේ එකතුවට අපි කෝඩ් (chord) එකක් කියල කියනවා.සාමාන්‍යයෙන් සංගීත නිර්මාණයක් කරනකොට එම නිර්මාණය  රඳා පවතින්නේ එකිනෙකට සම්බන්ධ ස්වර සමුහයක් මත. මෙන්න මේ ස්වර සමුහයට අපි බටහිර සංගීතයේදී කියනවා ස්කේල්(scale) එකක් කියල. එහෙම තියෙන ස්කේල් එක අයිති වෙන්නෙ මේ අපි කතා කරන්න යන කෝඩ් වර්ගයකට. එතකොට එම නිර්මාණය රඳා පවතින ප්‍රධානතම කෝඩ් එක අනුව තමා අපිට දැනෙන හැඟීම් තීරණය වන්නේ.  ඒ වගේම දැනගන්න ඕන දෙයක් තමා නිර්මාණයක් රඳා පවතින්නෙ එක කෝඩ් එකක් මත උනාට එය ලස්සන කරන්න ප්‍රධාන කෝඩ් එක සමග ගැලපෙන තවත් කෝඩ්ස්(relative chords)  කිහිපයක් යොදා ගන්නවා.ඒ ගැන වෙනම ලිපියකින් ඉදිරියේදී කතා කරමු.


සංගීතයේදී කෝඩ්ස් වර්ග රාශියක් තියෙනවා.සමහර ඒවා ඔයාල අහලත් ඇති.මේජර් (major) කෝඩ්ස්, මයිනර් (minor) කෝඩ්ස්, සෙවන්ත් (seventh) කෝඩ්ස්,මේජර් සෙවන්ත්(Major seventh), මයිනර් සෙවන්ත්(minor seventh) කෝඩ්ස්, ඩිමිනිෂ්(diminish) කෝඩ්ස්, ඕගමෙන්ටඩ්(augmented) කෝඩ්ස්, සස්(sus) කෝඩ්ස්, මයිනර් නයින්ත්(minor nineth) කෝඩ්ස් ආදී තවත් කෝඩ්ස් වර්ග ගොඩක්  තියෙනවා. නමුත් මෙම කෝඩ්ස් වර්ග අතරින් මුලිකවම දැනගත යුත්තේ මේජර් සහ මයිනර් කෝඩ්ස් වර්ග දෙකයි. මෙම වර්ග දෙක හැර අනිත් සියලුම කෝඩ්ස් නිර්මාණය වන්නේ මෙම මුලික මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් වලට අලුත් ස්වර එකතු වීමෙන් හෝ ස්වර කිහිපයක් වෙනස් වීමෙනි.මේ විදිහට විව්දාකර වූ කෝඩ්ස් භාවිතා කරල විවද වූ හැඟීම් සංගීතය මගින් ඉස්මතු කරල පෙන්වන්න පුළුවන්.ආදරය, විරහව, භය, දුක ප්‍රබෝධය වගේ විවිදාකාර වූ හැඟීම් මෙන්න මේ කෝඩ්ස් භාවිතා කරල ඉස්මතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මයිනර් කෝඩ්ස් ගොඩක් වෙලාවට යොදා ගන්නේ දුක විරහව වගේ හැඟීම් ඉස්මතු කරන්න.ඊළඟට දැනගන්න ඕනේ කරුණ තමයි මේ සෑම කෝඩ්(chord) වර්ගයකටම කෝඩ්ස් දොළහ ගානේ තියෙනවා.මොකද සංගීතයේ ස්වර දොළහක් තියෙනවනේ. දැන් අපි බලමු මොනවද මේ මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් කියන්නෙ කියල.

මේජර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?

මේජර් කෝඩ් එකක් කියන්නේ කිසියම් ස්වරයක් මුලික කරගෙන එයට තව ස්වර දෙකක් යොදාගනිමින් නිර්මාණය කරන ස්වර පන්තියටයි.එය මෙසේද පැහැදිලි කල හැකියි. ඔයාට C මේජර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි.මෙහිදී සංගීතයේ තියෙන ස්වර දොළහ ගැන අවබෝධයක් තිබිය යුතුයි.(C  C# D  D#  E  F  F# G  G#  A Bь B) මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට පස්(5) වෙනි ස්වරය (E /ග) සහ  අට(8වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මේජර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.

  
මේජර් කෝඩ් එක හඳුන්වනු ලබන්නේ:  අදාල ස්වරයේ(note එකේ) නම මුලින් පැවසීමෙනි (උදා. C මේජර් ).
මේජර් කෝඩ් එකක් ලියන්නේ: අදාල ස්වරය(note) පමණක් ලිවීමෙනි (උදා: C ).

දැන් බලමු කොහොමද මේ ස්වර දොළහටම අදාල මේජර් කෝඩ්ස්(major chords) ටික ලියන්නෙ කියල.



.

මයිනර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?

මයිනර් කෝඩ් එකක් හැදෙන කොට තිබෙන එකම වෙනස්කම වන්නේ මේජර් කෝඩ් එකේ තිබෙන දෙවෙනි ස්වරය (note) එක semi tone(සෙමිටෝන්)එකකින් අඩු වීමයි. උදාහරණයක් විදිහට ඔයාට C මයිනර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි. මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට හතර(4) වෙනි ස්වරය (D#/කෝමල ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මයිනර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.



මයිනර් කෝඩ් එක හඳුන්වනු ලබන්නේ:     අදාල ස්වරයේ(note එකේ) නම සමග අගට මයිනර් යන්න           පැවසීමෙනි. (උදා: C මයිනර්).
මයිනර් කෝඩ් එකක් ලියන්නේ:   අදාල ස්වරය(note) ඉදිරියෙන් සිම්පල් එම්(m) අකුර ලිවීමෙනි (උදා: Cm).

මයිනර් කෝඩ්ස්(minor chords) ලියද්දිත් කලින් වගේම ස්වර දොළහට අදාලව ලියන්න ඕනේ.



මෙම කෝඩ්ස් ගැන දැනීම පමණක් තිබිල මදි.ඒවා සංගීත භාණ්ඩයක් ඇසුරින් වාදනය කිරීමේ හැකියාව සහ අත්දැකීමත් තරමක් හෝ තිබිය යුතුයි.එතකොට තමා මෙම කෝඩ්ස් වර්ග වල තියෙන වෙනස්කම් හොඳට දැනෙන්නෙ.

Comments

Popular posts from this blog

Asha nirasha mewu - Notations ආශා නිරාශා මැවු ස්වර ප්‍රස්තාරය

  Artist   -   Victor Rathnayaka Song   -   Asha Nirasha Mawu Chord   -   Em [ Adlib ] ------------------------------------------------------------------------------- |Em| -  | D  | -  | | C | -  | Em| -  | [ Intro ] -------------------------------------------------------------------------------- |Em|-   |B   | -  | | B | -   |Em| -  | |Em| D/C | +  | + | [ Chorus ] --------------------------------------------------------------------------------- Em                 Am   D                     G Asha nirasha mawu aea sapna mayawaki Em       Am     C              D   Snehe gangul preme thewul C      ...

Sandakada Pahanaka - Song notations

නොටේෂන්  Download  [Intro] ----------------------------------- | Am | G | Am | - | [Chorus] ----------------------------------- Am E7 Sandakada pahanaka katayam opala Am Dm C Am Paawena dedunu langum gani Am C G Am kalathunu rasayaka pana aa bubulak G7 Am E Am Akuru welak dehadaka liyawei Am E7 Yugayen yugayata nomiyena dahanaka Am Dm C Am Geeyaka padanama mathuweddi E E7 Am Nopenena athaka ae gena yanava.. C D Dm Am Siyumeli kakulak malaweddi E7 F E Am Siyumeli kakulaka malaweddi [Inter] ----------------------------------- | Am | C | Am |- | | G | Am |- | Am | | G | C |- | Am | |- | C | Am | F | | C | Am |- |- | [Verse 1] ----------------------------------- Am Dm Am Dahasak ...

Laila මරතෝඩි ඉරි අල්ලේ වාදනය කරමු with notations