Root position
යම් කෝඩ් එකක root position එක යනු එම කෝඩ් එකෙහි පහතම ස්වරය (එනම්, bass එක) ලෙසින් එහි root එක වාදනය වන පිහිටීමයි. උදාහරණයක් ලෙස පහත දැක්වෙන සෑම C මේජර් කෝඩ් එකක්ම පිහිටන්නේ ඒවායේ root positions වලය.

Four-part root position chord එකක් සඳහා ස්වර පෙලගැස්වීමේදී අනුගමනය කල හැකි සාර්තකම ක්‍රමය ලෙස සැලකෙන්නේ කෝඩ් එකෙහි ඉහල හඬවල් (upper voices) තුන මගින් root, third සහ fifth යන ස්වර තුනම (එනම් සම්පූර්ණ ට්‍රයඩ් එකම) ආවරණය කර, bass එක මගින් එහි root එක double කිරීමයි.
උදා :-

නමුත් root එක වෙනුවට fifth එක හෝ third එක ඩබල් කරමින් ඉහත රීතියට වෙනස් ආකාර වලටද root position chord එකක ස්වර පෙලගැස්විය හැකිය. නමුත් මෙම ආකාර වලදී upper voices තුන මගින් සම්පූර්ණ ට්‍රයඩ් එක ආවරණය වීමක් සිදුවන්නේ නැත.
උදා :-


කෙසේ වෙතත් ට්‍රයඩ් එකක fifth එක සහ third එක අතරින් double කිරීම සඳහා වඩාත්ම සුදුසු ස්වරය ලෙසින් සැලකෙන්නේ fifth එකයි. third එක ඩබල් කරනලද four-part chord එකක් තුල ඇත්තේ තරමක අසමබර harmony එකකි.
Inverted chords
First inversion
කිසියම් කෝඩ් එකක පහතම ස්වරය ලෙසින් වාදනය වන්නේ එහි third එක නම් එය සැලකෙන්නේ first inversion එකෙහි පිහිටි කෝඩ් එකක් ලෙසිනි. උදාහරණයක් ලෙස පහත දැක්වෙන සෑම C major කෝඩ් එකක්ම පිහිටන්නේ ඒවායේ first inversions වලය.

First inversion chord එකකදීද ඩබල් කිරීම සඳහා වඩාත්ම සුදුසු ස්වරය ලෙසින් සැලකෙන්නේ root එක හෝ 5th එකයි (සාම්ප්‍රදායික four-part harmony න්‍යායන්ට අනුව). කෙසේ වෙතත් නූතන සංගීත ශෛලීන් වලදී සාම්ප්‍රදායික රීතීන් අනුගමනය කරීම එතරම් සිදු නොවන බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතුය. විශේෂයෙන් pop සංගීතය අදී ජනප්‍රිය සංගීත ශෛලීන් තුල සාම්ප්‍රදායික න්‍යාය අනුගමනය කරමින් first inversion chord එකක third එක ඩබල් නොකර සිටීම එතරම් සුදුසු නොවිය හැක. මීට හේතුව third එක ඩබල් නොකරන ලද first inversion chord එකක upper voices තුල third එක වාදනය නොවීම හේතුවෙන් අදාල කෝඩ් එක තුල යම් හිස් බවක් (hollow) ඇතිවිය හැකි වීමයි.
Second inversion
යම් කෝඩ් එකක පහතම ස්වරය ලෙසින් වාදනය වන්නේ එහි fifth එක නම් එය සැලකෙන්නේ second inversion එකෙහි පිහිටි කෝඩ් එකක් ලෙසිනි. උදාහරණයක් ලෙස පහත දැක්වෙන සෑම C මේජර් කෝඩ් එකක්ම පිහිටන්නේ ඒවායේ second inversions වලය.

Second inversion chord එකකදී ඩබල් කිරීම සඳහා වඩාත්ම සුදුසු ස්වරය ලෙසින් සැලකෙන්නේ 5th එකයි (එනම් bass එකයි) . ප්‍රායෝගිකවද second inversion chord එකක් තුල ඩබල් වීමේ වැඩි නැඹුරුවක් දක්වන්නේ fifth එකයි.
Chord Symbols
Chord inversion එකක් විශේෂයෙන් සංකේතවත් කල යුතු අවස්තා වලදී chord name එකට පසු ඇල ඉරක් (slash එකක්) යොදා බේස් එක වශයෙන් වාදනය විය යුතු ස්වරය සටහන් කරයි. උදාහරණයක් ලෙස C/E ලෙසින් සටහන් වී ඇතිනම් එහි අදහස වන්නේ chord එක C බවත්, bass එක ලෙසින් වාදනය විය යුත්තේ E බවත්ය.
පහත දැක්වෙන්නේ slash chord සංකේත මගින් C major chord එකෙහි විවිද inversions සංකේතවත් කර ඇති ආකාරයයි.

Roman numerals
රෝම ඉලක්කම් මගින් chord inversions සංකේතවත් කිරීමේදී භාවිතා වන එක ක්‍රමයක් වන්නේ කෝඩ් අංකයට පසුව සිම්පල් b අකුර සටහන් කර first inversion එකද, සිම්පල් c අකුර සටහන් කර second inversion එකද සංකේතවත් කිරමයි.
උදා :- Ic , Vb
අනෙක් ක්‍රමය වන්නේ inversions වලට අදාල figured bass අංක මගින් chord inversions සංකේතවත් කිරීමයි. මෙහිදී කෝඩ් අංකයට පසු අංක 6 යොදා first inversion එකද, 64 යොදා second inversion එකද සංකේතවත් කරයි (මෙම අංක ක්‍රමය පිළිබඳව triads සම්බන්ද පසුගිය ලිපි මගින් වැඩිදුර විස්තර වී ඇත).
උදා :-
Tonic chord – second inversion = I64
Dominant chord – first inversion = V6
ඉහත අංක ක්‍රමය හේතුවෙන් බටහිර classical සංගීතය තුල “Sixth chord” හෝ “chord of sixth” වැනි නම් වලින් fist inversion chords ද, “six-four chord” යන නමින් second inversion chords ද හඳුන්වයි. කෙසේ වෙතත් නූතන සංගීත ශෛලීන් වලදී “sixth chord” ලෙසින් සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ අමතර sixth ස්වරයක් සමග වාදනය වන chord එකකි. එබැවින් මේ දෙක එකිනෙක පටලවාගැනීමෙන් වැලකිය යුතුය.
පහත දැක්වෙන්නේ first සහ second inversion chords ඇතුලත් කර ගොඩනංවා ඇති chord progressions දෙකකි.
Key/ scale : G major , Progression I – V6 – I
Key/ scale : C major, Progression : I – IV – I64 – V – I
Bass patterns තුල third සහ fifth වාදනය වීම
Bass එක මගින් විවිද රටාවන් (patterns) වාදනය කිරීම සංගීත නිර්මාණ තුල සුලබව දැකගත හැකි දෙයකි. මේ ආකාරයේ bass patterns වාදනය කිරීමේදීද බේස් එක මගින් root එකට අමතරව third සහ fifth වාදනය කිරීම බොහෝ විට සිදුවෙයි. නමුත් එවැනි අවස්තා සබෑ chord inversions ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ නැත. සබෑ chord inversion එකක් වීමට නම් bar එකෙහි ආරම්භක beat එක මත හෝ, harmonic වශයෙන් ප්‍රබල වෙනත් beat එකක් මතදී bass එක මගින් third එක හෝ fifth එක වාදනය විය යුතුය (Bass pattern එකක් වාදනය වන්නේ නම් එහි ආරම්භක ස්වරය විය යුත්තේ third එක හෝ fifth එකය).
උදාහරණයක් ලෙස පහත දැක්වෙන piano accompaniment එකෙහි බේස් රටාව තුල root, third සහ fifth යන ස්වර තුනම වාදනය වෙයි. නමුත් මෙහි සෑම bar එකක් ආරම්භයේදීම bass එක ලෙසින් වාදනය වන්නේ root එක බැවින් (pattern එකෙහි ආරම්භක ස්වරය ලෙස) මෙහි වාදනය වන සෑම කෝඩ් එකක්ම සැලකෙන්නේ root positions වල පවතින chords ලෙසිනි.
Incomplete chords
ට්‍රයඩ් එකක root , third සහ fifth යන ස්වර තුන අතරින් මේජර් හෝ මයිනර් කෝඩ් එකකට ආවේණික වූ හඬ (එනම් ආදල කෝඩ් එකෙහි quality එක) සඳහා බලපාන්නේ එහි root එක සහ third එක අතර ඇති පරතරයයි. Root එක සහ fifth එක අතර ඇති පරතරය මගින් සිදුවන්නේ අදාල ට්‍රයඩ් එකට ස්තාවර බවක් (stability) ලබාදීමයි.

එමෙන්ම harmony එකක තිබිය යුතු “පිරුණු බව” (harmonic richness) සඳහා තීරණාත්මකව බලපාන්නේද කෝඩ් එකෙහි third එකයි.
මෙහි අදහස වන්නේ කිසියම් මේජර් හෝ මයිනර් කෝඩ් එකක මූලික හඬ ලබැගැනීම සඳහා fifth එක අතහැර වුවද අදාල කෝඩ් එක වාදනය කල හැකි බවයි. මේ ආකාරයට යම් ස්වරයක් අතහැර අසම්පූර්ණව වාදනය වන කෝඩ්ස් “incomplete chords” ලෙසින් හඳුන්වයි. Parts හතරකට incomplete chord එකක ස්වර විහිදුවාලීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරන රීතිය වන්නේ fifth එක අතහැර root එක තෙගුණ (triple) කිරීමයි (එනම්fifth එක වාදනය නොකර, අදාල කෝඩ් එකෙහි ස්තාන තුනක root එක වාදනය කිරීමයි). උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ fifth එක අතහැර incomplete ආකාරයට වාදනය කර ඇති C major කෝඩ් එකකි. මෙම කෝඩ් එක තුල ස්තාන තුනක root එක වාදනය වේ.

පහත දැක්වෙන්නේ ඉහත කෝඩ් එක යොදා ගොඩනංවන ලද I – IV -I progression එකකි. මෙහි ආරම්භක සහ අවසාන කෝඩ් එක වාදනය වන්නේ fifth එක රහිතවය.
Key- C major, Progression – I – IV- I
Root එක සහ third එක අතහැරීම.
සාම්ප්‍රදායික four-part harmony තුල incomplete chords වාදනය කිරීමේදී අත්හරින්නේ fifth එක පමණි. Root එක යනු කෝඩ් එක ගොඩනැගෙන පදනම් ස්වරය වීමත්, third එක යනු මේජර් හෝ මයිනර් කෝඩ් එකක quality එක සඳහා බලපාන ස්වරය වීමත් හේතුවෙන් එම ස්වර දෙක අත්හැරීමට සාම්ප්‍රදායික classical harmony න්‍යාය තුලදී නිර්දේශ නොකරයි. නමුත් classical නොවන වෙනත් සංගීත ශෛලීන් වලදී third එක මෙන්ම root එක වුවද අත්හැරීම සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස Jazz සංගීතයේදී “rootless chords” ලෙසින් root එක රහිතව කෝඩ්ස් වාදනය කිරීමේ ක්‍රමයක් භාවිතා වේ. එමෙන්ම rock සංගීතයේ භාවිතා වන power chords වලදී අදාල කෝඩ්ස් වාදනය වන්නේ third එක රහිතවය.
Comments
Post a Comment